පෙබරවාරි 25 වන දින, කොළඹ නව නගර ශාලාවේදි පැවැත්විමට නියමිතව තිබූ ශ්රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ 2021 වාර්ෂික මහා සභා රැස්විම වත්මන් කොවිඩ් තත්වය යටතේ දින නියමයක් නොමැතිව කල් දැමිමට සිදුවු බව එම සංගමය නිවේදනය කරයි.
වාර්ෂික මහා සභා රැස්විම පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන අතර මීට පෙර දැනුම් දුන් පරිදි වාර්ෂික මහා සභා රැස්විමට ඉදිරිපත් කිරිමට යෝජනා තිබේ නම් සංගමයේ තැපැල් ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවද ශ්රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සදහන් කරයි.