ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වෝන්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
මුරලිදරන් මේ බව කියා සිටියේ හැටන් නගරයේ (05) දින පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුරලිදරන්,
“අපි දෙන්නම ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසුණේ එකම කාලේක. ඔහු දක්ශ දග පන්දු යවන ක්‍රිඩකයෙ , අපි දෙන්නා කෙරෙහි මුළු ලෝකයම දැඩි විමසිල්ලෙන් හිටියේ අපි දෙන්නගෙන් දක්ෂ කවුද කියන එක.
අවු 52 වැනි අඩු වයසකදි ෂේන අභාවප්රප්ත විම ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු පාඩුවක්.
ෂෙන්ට වඩා අවු තුනක් මම වයසින් අඩු නිසා මට ක්‍රිකට් ක්‍රිඩාවේ ඔහුට වැඩිය කාලයක් රැදි සිටිමට හැකි වුණා.
ඒ අනුව මට ඔහුගේ වාර්තා බිද හෙලිමට හැකි වුණා , සුනාමි ව්‍යවසනය වේලාවේ මම ඕස්ට්‍රේලියාවේදි ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා කලා.
ඒ වේලාවේ වොර්න් මගෙන් ඇහුවා මොනවද ලංකාවට මගෙන් වෙන්න ඕනි කියලා , ඒ අනුව මගේ ඉල්ලිමකට ලංකාවට ආපු වොර්න් සිනිගම ප්‍රදේශයේ සුනාමි ව්‍යවසනයෙන් ආපදාවට ලක් වු ජනතාවට නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපයිම් කලා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජනතාව අපිට උදව් කලා,ෂෙන් වොර්න් මහතාගේ අභාවය මටත් ශ්‍රි ලංකාවේ සියළු දෙනාට දැඩි කණගාටුවක් තියෙනවා යනුවෙන් පැවසිය.