වෛරී සහගත ප්‍රකාශවල ඉහළ යාමක් - කැෆේ
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.
එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ විශේෂයෙන් මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප්‍රකාශ වර්ධනය වීමක් දක්නට ලැබෙන බවයි.
ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනු වෙනුවට ප්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඇය සඳහන් කළාය.
විශාල ප්‍රමාණයක් ග්‍රාහකයින් සිටින ෆේස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ් ඔස්සේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි බව සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළාය.
මීට අමතරව මැතිවරණ වේදිකාවල ද වෛරී සහගත ප්‍රකාශ සහ ජාතිවාදය මතුකර දැක්වීමේ ප්‍රකාශ වර්ධනය වී ඇති බව ඇය සඳහන් කරයි. මෙම තත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප්රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවධානම ඉහළ යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සඳහා වූ ජනතා ව්‍යාපාරය

popular news
-
Nandana Tuesday, 22 October 2019 10:08 PM
Cafe NGO product,who cares,we have our police to keep control
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

