වෛද්‍යවරුන් වර්ජනයකට
කැබනිට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විවිධශ්රේණිවලට කරන වැටුප් වැඩිකිරිම වහාම අත්හිටුවා ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා එළැඹෙන 21 දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිි.
මෙම වැඩවර්ජනය එක්දින වැඩ වර්ජනයක්ද එසේත් නොමැතිනම් ඊට වැඩි කාලයක් සිදුකරන වර්ජනයක්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව එම සංගමයේ ලේකම් වෙද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටින් කැබිනට් මණ්ඩලය විසින් විවිධ ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීම හේතුවෙන් වැටුප් විිශමතාවක් නිර්මාණය වි ඇති බවත් ඒ අනුව විවිිධ වැඩ වර්ජන ආරම්භ කර ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
අප්පුහාමි Friday, 18 February 2022 02:59 AM
මෙම අදහස ඉතාමත් නිවැරදියි එක් එක් ඇමතිවරයා තමන්ගෙ අමාත්‍යාංශයට අයත් අයගේ වැටුප් විටින් විට වැඩිකලාම අසාධාරණයට ලක්වෙන පිරිසක් ඉතිරි වෙනවා ඔවුන් ගැන බලන්න කිසිවකු නැහැ .වහාම මෙම අසාධාරණ ක්‍රියාවලිය නතරකල යුතුය විශ්‍රාමික මමත් 2004 සිට මෙලෙස ඇතිවූ විෂමතා නිසා සුලු විශ්‍රාම වැටුපක් ලබන හිටපු මාණ්ඩලික ශ්‍රේණියේ අයෙක් .ඒ අතර කියන්න ඕන සමහරක් අයට පුද්ගලික වනසේ වැටුප් සැකසීම නතර කරන්න කියලා ( එවන්න කියන අදහස් පලකර දැනුවත් කරන්න )
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

