සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එම සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා අද විදෙස්ගත වීමට නියමිත අතර ඔහු නැවත දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.