අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහි විමර්ශනය සමථයකට පත් නොකරන බවත් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බවත්, අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (07දා) දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය දැනුම් දෙමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකාර හේමාලි විජේරත්න නමැත්තිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බැවින් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලි විජේරත්න නමැති සැකකාරිය විශේෂ මෝසමක් ගොනු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව ප්‍රකාශය කළාය.
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල සමථයකට පත් කිරීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දී තිබිණ.
ඒ සඳහා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අධිකරණය පෙනී සිටි අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කිරමින් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට තව කාලය අවශ්‍ය බව දන්වා සිටියේය.
සැකකාරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවක් නොමැති බවද, සැකකාරියගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කළ යුතු බවද දන්වා සිටියේය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඇගේ දියණීය වන හේමාලි විජේරත්න නමැත්තිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරපපෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් ,විමර්ශනවලට සහය දැක්වීමට සැකකාරිය සූදානම් බවත් ,ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි විදේශගතත වීමට ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සිය සේවාදායිකාවට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලය බලා ලබන 13 වැනිදා ගොස් දෙසැම්බර් 08 වැනිදා යළි ලංකාවට පැමිණෙන බවත් දන්වා සිටියේය.
ඒ අනුව ලබන 27 වැනි දින අධිකරණ විමර්ශන විභාගය සඳහා පෙනී සිටිය නොහැකි බැවින් විමර්ශන විභාගය සඳහා සුදුසු දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරමින් සැකකාරියට විදේශ ගත වීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය පැමිණීල්ල යළි කැඳවන දෙසැම්බර් 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
සැකකාරියට එරෙහි චෝදනා පත්‍රය එදින ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියෝගයක්ද නිකුත් කළාය.අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය මඟින් කරන විමර්ශන කටයුතු අවසන් කර එදින ඇයට එරෙහිව චෝදනා පත්‍රයක්