වෛද්‍ය චමල් සංජීවට ආචාර්ය උපාධියක්
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් දිනා ගැනීමට සමත්ව ඇත.
දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පරිපාලන කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂකවරු අතරින් ආචාර්ය උපාධියක් දිනා ගැනීමට සමත්ව ඇති ලාබාලම සහ එකම රෝහල අධ්යක්ෂකවරයාවන්නේද වෛද්‍ය චමල් සංජීව වන අතර ඔහුගේ සෞඛ්‍ය ආර්ථික විද්‍යාව හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා නව ආකෘති ඉදිරිපත් කිරීමේ ඇති හැකියාව ඒ මහතාගේ ආචාර්ය උපාධිය පදනම වී ඇත.
ඔහු විසින් මීට පෙර රෝහල් පරිපාලනය රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය ද දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන කළමණාකරන ආයතනයෙන් නීතිය පිළිබඳ මූලික නීති ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත.
එමෙන්ම රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය ද සම්පූර්ණ කර ඇති ඔහු වසර තිහකට ආසන්න කාලයක් නිදහස් මාධ්‍යවේදියෙකු ජනමාධ්‍යවේදියෙකු සහ ග්රන්ථ කතුවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා සංචාරක සෞඛ්‍ය කර්මාන්තය, ඩිජිටල් ක්‍රම තොරතුරු තාක්ෂණය ආරක්ෂණ ක්‍රම නව සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිම ආදි විෂය පථයන් රැසක් ඔස්සේ ජනමාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට වෛද්‍යවරයා කටයුතු කල අතර පසුගිය කෝවිඩ් වංගත තත්ත්වය ශ්‍රී ලංකාවට පැමිනීම සම්බන්බන්ධයෙන් ඇති අවධානම සහ එම වෛරස් තත්ත්වය පිලිබඳව නිරන්තර අනතුරු ඇඟවීම්ද සිදුකරනු ලැබීය.
වර්ථමානයේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙසද තවත් වෘත්තීය හා සිවිල් සංවිධාන රැසක පාර්ශවකරුවෙකු ලෙස ද ඒ මහතා කටයුතු කරයි.
එමෙන්ම පසුගිය දිනක ශ්‍රී ලංකාව තුළ මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනය වීම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට වැඩ තහනමට ලක්කර ඇත.
popular news
-
Demuni de Silva Sunday, 30 April 2023 10:05 PM
Honoured from the world; interdicted from the motherland !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

