අනුරාධපුර වේළුවනාගම, වේළුවනාරාමයට අයත් රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ත්රීරෝද රථයක් සොරකම් කළ පුද්ගලයකු සොයා අද (7දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
ගුරුවරයෙකු ලෙස සේවය කරන නායක හිමිපාණන්ගේ ගමන් කටයුතු සහ ආරාමයේ දෛනික වැඩ කටයුතු මෙම ත්රිරෝද රථයෙන් සිදු කරන බවත් එය උණගස්වැව හන්දියේ පදිංචි පුද්ගලයකු පදවන බවත් පොලිසිය කියයි.
පන්සලේ ගමන් කටයුතු නොමැති අවස්ථාවලදී වෙනත් කුලී ගමන්ද මෙම රථයෙන් යාමට රියදුරු හට අවසර දී ඇති බවත් නව නුවර මාර්ගයේ උණගස්වැව හන්දියේ පිහිටි මෙම රියදුරාගෙන් නිවස අසල නවතා තිබිය දි අද (7 දා) අළුයම මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කුලී ගමනක් ගොස් පැමිණ නිවස අසල ත්රිරෝද රථය නවතා අගුළු දමා යතුර ගෙන රාත්රී නින්දට ගිය බවත්, රාත්රී 11 ට පමණ පමන බැලූ අවස්ථාවේදී ත්රීරෝද රථය එම ස්ථානයේ තිබූ බවත් නැවත අලුයම තුනට එළියට පැමිණි අවස්ථාවේ බලන විට එය නොතිබූ බවත් රියදුරු ප්රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ත්රිරෝද රථය සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසිය නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.