වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10දා) සිට අනිද්දා (12දා) දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.එම නිසා සේවා ලබාගැනීම සඳහා එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලය සඳහන් කරයි.
යෝක් වීදියේ බ්‍රිස්ටල් ගොඩනැගිල්ලේ පිහිටි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය හදිසි අවශ්‍යතාවක් මත වෙනත් ගොඩනැගිල්ලකට මාරුකිරීමට සිදුවී ඇති බැවින් මෙම කීරණය ගෙන තිබේ.
නාවික ලේකම් කාර්යාලය මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.