වෙළඳසැලක් බිඳ බීඩි මිටි දෙකක් සොරකම් කරලා
මහකළුගොල්ල පොලිස් වසමට අයත් මහකළුගොල්ල බිබිලයාය පාරේ පිහිටි වෙළෙඳසැලක් ඉකුත් (21) වෙනිදා බිඳ රුපියල් පහළොස්දහසක් සහ බීඩිමිටි දෙකක් සොරාගත් බව කියන තරුණයින් දෙදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
ඉකුත් (21) වෙනිදා රාත්රී වෙළෙඳසැලේ ඉදිරිපස දොර විවෘතකරගෙන ඇතුළුවූ දෙදෙනා කවුන්ටරයේ ලාච්චුවේ තිබූ රුපියල් පහළොස්දහසක් සහ බීඩිමිටි දෙකක් සොරාගෙන ගොස් ඇත.
එම ප්රදේශයේම පදිංචි 19 වන වියෙහි පසුවන තරුණයින් දෙදෙනෙකු විසිඑක් වෙනිදා රාත්රී වෙළෙඳසැලට පැමිණ බීඩී ඉල්ලා ඇති අතර වෙළෙඳසැල් හිමිකාරිය විසින් බීඩි නොමැති බව පවසා දොරවසා ඇත.
පසුව නැවත පැමිණ ඇති තරුණයින් දෙදෙනා දොර විවෘත කරගෙන මෙලෙස බීඩි සහ මුදල් සොරාගෙන ගොස් ඇත. සැකපිට පොලීසිය මඟින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇති අතර මුදල් නොගත් බවත් බීඩිමිටි දෙකක් පමණක් ගත් බවත් පොලීසියට පවසා ඇත.
සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි. මහකලුගොල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

