වෙළඳපළට ගැළපෙන පරිදි වි නිපදවීමට අවධානය
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමේදී, කෘෂිකාර්මික නිෂ්පාදනය සහ වෙළෙඳපොළ ඉල්ලුම අතර පවතින අසමතුලිතතාව අවම කිරීම සඳහා නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
වගා කරන භෝග වර්ග, ප්‍රමාණයන් සහ වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි ඒකාබද්ධ පද්ධතියක් හඳුන්වා දීම මගින් අතිරික්ත නිෂ්පාදනය හා මිල ගැටලු අවම කර ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට හැකි බව මෙහිදී අනාවරණය විය.
සහල් ක්ෂේත්රයට අදාළව සම්බා, කීරි සම්බා, නාඩු සහ රතු සහල් වැනි සහල් වර්ගවල නිෂ්පාදනය හා පරිභෝජන රටාවන් පිළිබඳව ද සාකච්ඡා වූ අතර, වෙළෙඳපොළ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි නිෂ්පාදන සැලසුම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
එමෙන්ම, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන අතර දත්ත හුවමාරුව හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
