අලුත්ගම දර්ගා නගරයේ පිහිටි වෙළඳ සැලකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
ගින්නට හසුවිමෙන් වෙළද සැලට මෙන්ම එහි තිබු දේපළ වලට බරපතළ අලාභ හානි සිදු වි ඇතැයි පොලීසිය පවසයි.
අලුයම 12.45 ට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි සිවු දෙනෙකු එම වෙළඳ සැල අසලට ළඟා වන අයුරුහා ගිනි ගත් වහාම ඔවුන් පිටවි යන අයුරු ආසන්නයේ තිබු සිසිටිවි කැමරාවක සටහන් වි ඇතැයි පොලීසිය පවසයි.මෙම ගින්න දෙපාර්ශවයක් අතර යම් ගැටුමක් ඇති කළාද යන්න පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
ගින්නෙන් වෙළඳ සැලට රු.ලක්ෂ 15 ක පමණ අලාඪයක් සිදු වි ඇතැයි පොලීසිය පවසයි.
