වෙනිසියුලා විපක්ෂනායිකාව තම නෙබෙල් පදක්කම ජනපති ට්‍රම්ප්ට පිරිනමයි
තමන්ට ලැබුණ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් බ්‍රහස්පතින්දා ධවල මන්දිර රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙ.
"මම හිතන්නේ අද වෙනිසියුලානු ජාතිකයන් වන අපට ඓතිහාසික දිනයක්," ඇය ට්‍රම්ප් හමුවීමෙන් පසු පැවසුවාය. ඇමෙරිකානු ජනපතිවරයා හා වෙනිසියුලානු විපක්ෂනායිකාව පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව මෙය වෙයි. එක්සත් ජනපද හමුදා කැරකස්හිදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවකට චෝදනා කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම හමුව සිදුවිය.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් මෙම පිරිනැමීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ ත්‍යාගය ලැබීම "අන්‍යෝන්‍ය ගෞරවයේ අපූරු කඩයිමක්" බවයි.
මචාඩෝ හමුවීම "මහා ගෞරවයක්" බවත්, ඇය "බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්" ලෙස හඳුන්වන බවත් ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.
ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, මචාඩෝ පිටත ගේට්ටු අසල රැස්ව සිටි ආධාරකරුවන්ට කතා කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් "අපට ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය තැබිය හැකියි." යැයි පවසා තිබේ.
"මම එක්සත් ජනපද ජනාධිපතිවරයාට නොබෙල් සාම ත්‍යාගයේ පදක්කම ප්රදානය කළා." මචාඩෝ පසුව ඉංග්‍රීසියෙන් මාධ්‍යවේදීන්ට පැවසුවාය

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

