දිවයිනේ විවිධ ප්‍රදේශවල මාස දෙකක් සිදුවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයන් 23 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය
ඉකුත් මැයි 31 වෙනි දින සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ගනිමින් සිදු වූ සිද්ධීන් 21 කින්
මෙම ඝාතන සිදු වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ බාබර් සාප්පුවක දී සිදු වූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා කිසිදු අපරාධ චෝදනාවකට ලක් නොවුණු පුද්ගලයෙක් බවත් ඔහු හැරෙන්නට ඝාතනයට ලක්වූ අනෙක් සියළුම පුද්ගලයන් විවිධ අපරාධ වලට සම්බන්ධ වූවන් බවත් ඔහු පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් මෙම වෙඩි තැබීම් සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය