බොරලැස්ගමුව, මාලනි බුලත්සිංහල මාවතේදී වා ගමනින් ගමන් කළ පුද්ගලයෙකුට ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක්
සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වෙඩි තැබිමට ආධාර අනුබල දුන්
සැකකරුවන් තිදෙනෙක් දෙහිවල හා රත්මලාන ප්‍ර දේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්හි පසුවන දෙහිවල හා රත්මලාන පදිංචිකරුවන් වෙයි. එම සැකකරුවන්
වැඩිදුරට විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටඨාසයට බාර දි තිබේ.
මේ අතර ගන්දර, කපුගම ප්‍ර දේශයේ නිවසක සිටි ව්‍යාපාරිකයෙකුට පසුගිය 03 දා යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් සිදුකළ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 47යන වයස්හි පසුවන්නන් වෙයි.
සැකකරුවන් වැල්ලම්පිටිය හා ගණේමුල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා මෙම වෙඩි තැබිමට සම්බන්ධ වෙඩික්කරු හා යතුරු පැදියේ පැදිකරු බවට හඳහාගෙන තිබේ.