වූහාන්හි පොදු ස්ථාන තාවකාලික රෝහල් බවට පත්කරයි
- 5 02 2020
- 19:27
- {{hitsCtrl.values.hits}} views
- ..
වූහාන් ෂිංහුවා - නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ.
ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කළේය. එදේම බදාදා දහවල් වන විට ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ උසස් පාසලක් ඇතුළු තවත් ස්ථාන 10 ක පරිවර්තන කටයුතු ආරම්භ කළේය.
මේ හරහා තවත් ඇඳන් 10000ක පමණ තාවකාලික රෝහල් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන බව චීන මාධ්‍ය වාර්තා කරයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.