වී වලට අමතරව ධාන්‍යයත් වවන්න
- 28 03 2020
- 09:09
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පවතින වසංගතය ත්ත්වය හේතුවෙන් ඉදිරියේදී විදෙස් රටවල් වලින් ධාන්‍ය බෝග ආනයනය කල නොහැකි ත්ත්වයක් ඇතිවිය හැකිබැවින් ඒ සඳහා යොමුවීම වැදගත් බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය .
මෙවර වී වගාව ආරම්භ කර ඇති ගොවීන්ට ජලය ලබා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ජානකී මීගස්තැන්නේ මහත්මිය පැවසුවාය .
වී වගාවට අමතරව මුං, කවුපි, බඩඉරිඟු ආදී ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙසද ගොවීන්ට දැනුම්දෙන බවද ඇය සදහන් කළාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
