වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සදහා සහාය වීමට රජය අපේක්ෂා කරයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළැඹ තිබේ.
වාරි පහසුකම් මදවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.