වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් දෙයි.
තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බව, කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04දා) නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනපතිවරයා සඳහන් කළේය.
2020 මහ කන්නයේ දී රුපියල් 55ක අවමයකට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළේය. 2022 මහ කන්නය වන විට වී කිලෝවක මිල රුපියල් 95ක තරම් ඉහළ අගයකට පැමිණීමෙන් ඉහළ වී තොගයක් මිලදී ගෙන ගබඩා කිරීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති, දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ. එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිවරයා උපදෙස් දෙනු ලැබීය.



