මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබෙන බවත් ඒ අනුව වී අතිරික්තයක් ඇතිවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ අනුව ඉතිරිවන කොටස් මන්දපෝෂණය වෙනුවෙන් භාවිතයට ගැනීමට අවස්ථාවක් තිබෙන බවත් ඔහු පැවැසීය.
“දැන් මට පෙනෙන විදිහට අප්‍රේල් මාසය වෙන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මොකද අපිට ගිය යල කන්නයෙත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඊට කලින් මාස් කන්නයෙත් කොටසක් තියෙනවා.
දැන් වී අතිරික්තයක් තියෙන තත්තවයට යන්න පුළුවන්. ගොවි මහතුන් ආරක්ෂා කරන්න පුළුවන්. අනිත් අතට වී අතිරික්තයක් තියෙන නිසා මන්දපෝෂණය සඳහා වුවමනා කොටසක් ගන්න පුළුවන්”