විහාරස්ථානයක ගංජා පැළ 475ක් වගා කළ චීවරධාරියෙක් අල්ලයි
- 25 03 2025
- 18:43
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔහීය ප්‍රදේශයේ විහාරස්ථානයක භූමියේ හොර රහසේ ගංජා පැල වගා කල චීවරධාරීයකු ගංජා පැල 475ක් සමග අද (25) සැකපිට අත්අඩංගුවට ගත් බව බෝගහකුබුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහීය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි ගල්ගමුව බොලරුව ප්‍රදේශයේ 23 හැවිරිදි චීවරධාරීයකු යයි පොලිසිය කීය.
බෝගහකුබුර පොලිසියේ නිළධාරින් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙහිදී විහාරස්ථානයේ භූමියේ හොර රහසේ වගා කර තිබු අගල් 2,1/2ක් පමණ උස ගංජා පැල 475ක් සමග සැකකාර චීවරධාරීයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ඒ.ආර් .පී.අමරසිංහ , පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත බෝගහකුබුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ .ආර්.බංඩාර මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

