විස්සයි 20 තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන් විස්සයි20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (08දා) සමත්වූයේය.
ඒ දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 3ක ජයක් ඔස්ට්‍රේලියාව හිමිකර ගනිමිනි. මේ අනුව තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනිමට ඔවුන් සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ට ලකුණු 124ක් රැස්කිරීමට සමත්වූයේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 17.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 126ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
තරගයේ වීරයා ලෙස මැතිව් වෙඩ් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා ඉනිම 124/9 (පන්දුවාර 20)
චරිත් අසලංක 39 (පන්දු 33)
කුසල් මෙන්ඩිස් 36 (පන්දු 36)
කේ. රිචඩ්සන් 4/30 (පන්දුවාර 4)
ජේ. රිචඩ්සන් 3/26 (පන්දුවාර 4)
ඔස්ට්‍රේලියා ඉනිම 126/7 (පන්දුවාර 17.5)
මැතිව් වේඩ් 26 (පන්දු 26)
ආරෝන්ච් ෆින්ච් 24 (පන්දු 13)
වනිඳු හසරංග 4/33 (පන්දුවාර 4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

