උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර අද පස්වරු තුනට පමණ දුම්රියක් පීලි පැමිණීමට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
බදුල්ල සිට නුවර බලා පැමිණි විශේෂ දුම්රියක් මෙසේ පිළිපැනීමට ලක්වී තිබේ. දුම්රියේ පිටුපස එක් පෙට්ටියක් මෙසේ පීරි පෙනීමට ලක්වී තිබේ.
බදුල්ල සිට ධාවනය වීමට නියමිත දුම්රියන් දෙකක් මේ වන විට පැමිණීමට නියමිත අතර ඉන් එක් දුම්රියක් නැවත හරවා බදුල්ල බලාධාවනය වීමට සැලසුම් කර ඇති බවත් බදුල්ල සිට නුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය තරමක් ප්‍රමාද වී ධාවනය විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර කොළඹ සිට බදුල්ල බලා දාවනය වන දුම්රියන් දෙකක් තලවකැලේ සහ හැටන් වලින් ආපසු හරවා කොළඹට ධාවනය වීමට නියමිත බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ අනුව දුම්රිය මගීන්ගේ ප්‍රවාහන අපහසුතාවය මගහැරවීම සඳහා බස් රථ යොදවා එම දුම්රිය මගීන් හැටන් නානුඔය අතර බස් රථ මගින් ප්‍රවාහනය කිරීමට සැලසුම්කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.
පිළිපැන ඇති දුම්රිය පෙට්ටිය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.