සිය වයස්ගත රෝගී මවගේ උදව්වට මවත් සමග නිවසට පැමිණ සිටි විසිහය හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති තරුණියකට අතවර කළා යයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ මහ ඉදුරුව ප්‍රදේශයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේදී මේ තරුණියට ඔහු අතවර කළේ යයි කියමින් පොලීසියට පැමිණිලි කර තිබුණේ මැයි මස 20 වැනිදා පස්වරුවේදීය.
කෙසෙල්වත්ත පොලීසියේ රාජකාරී කරන කොස්ගොඩ මහ ඉදුරුව පදේශයේ පදිංචි පොලිස් මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එදිනම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට ගියද ඔහු නිවසේ නොසිටි බවද පොලීසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිවාඩුවට පැමිණ සිටියදී මේ තරුණියට අතවර කළේ යයි කියමින් පැමිණි කර ඇති බවද පොලීසිය කියයි.
මේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ අතවරයට ලක්වූවේ යයි කියන තරුණිය වෛදය පරීක්ෂණයක් සදහා මැයි (20) රෑම බලපිටිය රෝහලට ඇතුලත් කළ බවද පොලීසිය කියයි.
මේ තරුණියට අතවර කළේ යයි කියන සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද (22) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.