මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තිබී අතවරයට ලක්කර කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බවත් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (29 දා) අත්අඩංගුවට ගත් බවත් මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිහින්තලය, දොරමඩලාව, තුන්වන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි, එච්. එම්. ශ්‍රියානි විජේසිංහ නැමැති, ෙවයස අවුරුදු 49ක අවිවාහක කාන්තාවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇගේ 79 හැවිරිදි මව මෙම නිවසේ තනිව ජීවත්වන බවත්, වයෝවෘද්ධ මව තම දියණිය නිවසේ තනිව තබා, කුලී වැඩ සඳහා පිටව ගොස් නැවත පැමිණි අවස්ථාවේදී මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.
ඇයගේ මව නිවසට පැමිණෙන අවස්ථාවේදී දියණිය සිටි කාමරය තුළ පිරිමි පුද්ගලයෙකු සිටින අයුරු දැක ඇති බවත්, එම අවස්ථාවේදී එම සැකකරු ඇයව බියවද්දා තර්ජනය කර ඇති බවත් අවස්ථාවේදී එම මව කෑ ගසා උදව් ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එම මවගේ කෑ ගැසීම් සද්දය ඇසීමත් සමග පැමිණ අසල්වාසීන් සැකකරු අල්ලාගෙන ඇති බවත් ඉන් අනතුරුව බැලීමේදී නිවසේ කාමරයක ඝාතනයට ලක්ව සිටි එම කාන්තාවගේ සිරුර හමුවී ඇති බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවස ආසන්නයේ පදිංචි විවාහක පුද්ගලයකු බවත් එම සැකකරු කළක් යුද හමුදාවේ සේවය කර ඇති අයෙකු බවද පොලිසිය කියයි.
මරණ කාරිය ස්ත්‍රී දූෂණයට ලක්කර ගෙල මිරිකා ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
සැකකරු අද (30 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. එල් ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
