පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් " පඩු කරද " (CRUDIA ZEYLANICA) ශාඛයක් , ගම්පහ උද්භිද උද්‍යානයේ ඉතා විශාල අයුරින් වැඩී ඇති ආකාරයක් දක්නට ඇති අතර මෙවන් ශාඛ පහක් පමණ ගම්පහ අවට පවතින බව උද්භිද උද්‍යාන නිලධාරිණියක් සදහන් කළාය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස අතර කොටස ඉදිකිරීම් සිදු කිරීමේදී ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ මෙවන් ශාඛයක් තිබීම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදී විශාල ප්‍රශ්ණයක් බවට පත්ව තිබූ අතර එම ගස ඉවත් නොකොට අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අති විශාල මුදලක් අමතරව වැය කිරීමට සිදුවන බව අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි බලධාරීන් විසින් පෙන්වාදී තිබිණි.
කෙසේ වෙතත් දාරළුව ප්‍රදේශයේ තිබූ " පඩු කරද " වෘක්ෂය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
