82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් යාබද ඉඩමේ තිබූ ඇහුලු බව පවසමින් පිස්තෝල ගිනි අවියක් සහ ජිව උණ්ඩ විසි හතරක් අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය'
මෙලෙස භාරදී ඇත්තේ චෙකොස්ලොවැකියාවේ නිෂ්පාදිත එන් 146338 දරණ ඩල් 75 වර්ගයේ පිස්තෝලයක් හා නයින් එම් එම් වර්ගයේ ජිව උන්ඩ 24 ක් සහිත මැගසිනයක් ය
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසට යාබද හිස් ඉඩමේ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ මෙන්ම මැගසිනය තිබු බව පොලිස් අධිකාරීවරයා පවසා ඇත
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මිත්‍රයෙකු මාර්ගයේ ගමන් කරමින් සිටියදී තරුණයන් පිරිසකගේ දුරකථන ඇමතුමට සවන් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථනය හරහා දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනය හමුවී ඇති බව පොලිසිය කියයි.
ඉකුත් 24 වැනි දින මෙම ගිනි අවිය හමුවූ බවත් එම ඉඩමට දමා ගිය පුද්ගලයන් නැවත පැමිණියොත් අල්ලා ගැනීමේ අදහසින් මේ දක්වා තමන් භාරයේ ගිනි අවිය තබා ගත් බවට විශ්‍රාමික පොලිස් නිලධාරියා පවසා ඇත.
ගල්කිස්ස කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ