විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන් විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඊයේ (16) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මීට වසරකට පෙර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ඇති වූ එකඟතා මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සිසුන් බඳවාගැනීම වේගවත් කිරීම පිළිබඳ යෝජනාවලියක් තිබුණු නමුත්, අදාළ යෝජනාවලිය මේ වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව අග්‍රාමාත්‍යවරිය විසින් දැනුම් දුන් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය