කුරුණෑගල පොලිස් වසමේ විල්බාව වැවේ දිය නාමින් සිටි ගැහැණු ළමුන් සිව්දෙනෙකු දියේ ගිලෙමින් සිටින විට ප්‍ර දේශවාසීන් ඔවුන්ව බේරාගෙන ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙහිදී ප්‍රතිකාර ලබමින් සිටි ගැහැණු දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 13 හා 14 වියේ පසුවන කුරුණෑගල පදිංචි ගැහැණු දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් තිබේ.