කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත් කිරීමට අද අලුයම පැමිණි ආරක්ෂක අංශ බලහත්කාරයෙන් කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් එම විරෝධතාකරුවන් අද දිනයේදී ඉන් සාමකාමී ලෙස ඉවත්වීමට කටයුතු සූදානම් කර තිබියදී මෙසේ ඔවුන් බලහත්කාරයෙන් ඉන් ඉවත් කරනු ලැබීය.
අරගලයට ඒක්ව සිටි සාමාජිකයන් අතරින් ඉන් ප්‍රධාන වූ පුද්ගලන් කිහිප දෙනෙක්ම ඊයේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කර තිබුණේ නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කාලයක් ලබාදීමේ අපේක්ෂාවෙන් තමන් එම පරිශ්‍ර යෙන් ඉවත්වීමට අද දිනයේදී කටයුතු කරන බවයි.