මේ රට තවමත් ප්රජාතන්ත්රවාදී රටක් වන බැවින් මෙරට තුළ විරෝධය පළ කරන ජනතාව අත්අඩංගුවට ගනිමින් මර්දනය කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභව රාජපක්ෂ මහතා ගෙදර යන ලෙස සඳහන් කරමින් විරෝධය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු කිහිප දෙනෙක් අත් අඩංගුවට ගැනීම පිළිබඳ අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළ සිටියේය.
දැන් මේ අරගලයේ කට්ටිය අත් අඩංගුවට අරගෙන. හිරුණිකා මහත්මියයි, රෙහාන් ජයවික්‍රම මහතාවත් අරගෙන තිබෙනවා. ඒ වගේම පැතුම් කර්නර් කියන සමාජ ක්රියාකරුවාත් දැන් සී.අයි.ඩී එකට අරගෙන ගිහින් තිබෙනවා. අර අනුරුද්ද බණ්ඩාරලා වගේ මේ අයත් බය කරන්න හදනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. එතුමිය අරගලයට ගිහින් ගෝඨා ගෝ හෝම් ව්‍යාපාරය අරගෙන යනවා. මේ විදියට මර්දනය කරන්න එපා. මොකද තවමත් මේ රට ප්රජාතන්ත්රවාදී රටක් යැයි පැවසීය.