පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (28) දින නියම කළේය.
වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඉදිරිපත් වු මුලික විරෝධතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකිද? නොහැකිද? යන්න සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.
2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.