බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (25) දින නියෝග කළේය.අගෝස්තු මස 25 වැනි දින යළි නඩුව කැදවීමට නියමිත වේ.
පොලිස් රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.