ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර පැවැත්වූ රැස්වීමේදී පා.ම. නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ බව කියන ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්ද යන්න විමර්ශනය කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම් දිමක් අනුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.