විමල් හා උදය ඉවත් කිරීම ගැන ජනපති කනගාටුවෙයි
විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා අමාත්‍යධුරවලින් ඉවත් කිරීම පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා කණගාටුවන බව ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජනපතිවරයා සමග ඊයේ (08දා) පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ජනපතිවරයා ඒ බව ප්‍රකාශ කළ බවද ඔහු පැවැසීය.
නමුත් ඔවුන් ඉවත් කිරීමේ තීන්දුව එම වෙලාවේ ගැනීමට සිදු වු බවද ජනපතිවරයා ප්‍රකාශ කළ බව මහින්ද අමරවීම මහතා පැවැසීය.
“ආණ්ඩුව තුළ සිටින පක්ෂවල ගැටළු පිළිබඳ සාකච්ඡාව මින් පෙර තිබුණා නම් මේ ගැටළු සියල්ලටම පිලිතුරු ලැබෙනවා. එහෙම වුනා නම් කිසි විටෙක මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන්න තිබුනා.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් මේ අමාත්‍ය තනතුරු වරප්‍රසාද බලාගෙන කටයුතු කරන්නේ නැහැ. අපේ අමාත්‍ය තනතුරුත් ගන්න අවශ්‍ය නම් ගත්තට කමක් නෑ. තනතුරු තිබුනත් නැතත් රජය රට ගොඩ නැගීම සඳහා කටයුතු කරන්නේ නම් රජයට අවශ්‍ය සහයෝගය අපි අඛණ්ඩව ලබා දෙනවා.
අපේ යෝජනාවලිය තුළ අපි රජයෙන් ඉල්ලා සිටියා භාණ්ඩ ආනයනයේ දී හැකිතරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස. විශේෂයෙන් ඉන්ධන , ගෑස්, ළදරු කිරිපිටි, ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේ දී ඒවා අකර්මණ්‍ය කිරීම සඳහා බදු ප්‍රමාණ ඉහළ දැමීමටත් අපි රජයට යෝජනා කළා.
මම හිතන්නේ අපි විසින් ඉදිරිපත් කළ යෝජනා සියල්ලම සම්බන්ධව යහපත් ප්‍රතිචාර ලැබුනා. ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් අපි කියන්නේ අපි සියලු කැපකිරීම් කරන්න කැමතියි. රටේ ජනතාව දුක් විඳින එක නතර විය යුතුයි. මේ ගෑස්, ඉන්ධන, පෝළිම් අවසන් විය යුතුයි. රජය දැනටමත් ඒ පිළිබඳව ගෙන ඇති දැඩි තීරණ මත ඉදිරියේ දී ජනතාවට හිඟයකින් තොරව ගෑස්, විදුලිය, හා ඉන්ධන ලබා දීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා”
popular news
-
Dayan Wednesday, 09 March 2022 12:18 PM
Why not Amaraweera join pohottuwa.
Reply : 0 0
Demuni Uduwara Thursday, 10 March 2022 12:51 AM
"Waligaya wisin balla wananu labai" ?
Reply : 0 0
Demuni Uduwara Thursday, 10 March 2022 05:26 PM
"Waligaya visin balla wananu labai "
Reply : 0 0
Dadoriya Friday, 11 March 2022 10:24 AM
Sir, Obatuma expired. Dhan puta lagataghin hara." CHUTI DONIGHE" suratal bhala satutu whanna. Basil ta nodi yanna phara bhasilwa nharapanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

