කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධුර වලින් ඉවත් කිරීම සහ නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනව වල වෙනස් කිරීමක් සිදු කර තිබේ.
ඒ අනුව මෙතෙක් ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල 18 වැනි අසුනේ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව ආසන 55ක් පිටුපස පිහිටි ආණ්ඩු පක්ෂයේ 73 ආසනය දක්වා මාරු කර ඇත.
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ දෙවනපෙල 24 වැනි ආසනයේ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද ආසන 54ක් පිටුපසින් පිහිටි 78 වන ආසනය දක්වා මාරු කර තිබේ.
මේ අතර නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වූ එස්.බී දිසානායක මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල 02 වැනි ආසනය පනවා ඇත. ඔහුට මීට පෙර ආණ්ඩු පක්ෂයේ 67 වැනි ආසනය පනවා තිබුණේය.
ඒ අනුව මෙතෙක් ඉදිරිපෙල 02 වැනි අසුනෙහි සිටි අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඉදිරිපෙල 10 වැනි ආසනය දක්වා මාරු කර තිබේ.
අමාත්‍ය එස්.බී දිසානායක මහතා අමාත්‍ය ජී.එල් පීරිස් මහතාට වඩා ජ්‍යෙෂ්ඨ බැවින් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පුවත්පතට පැවසීය.
එමෙන්ම නව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබු දිලුම් අමුණුගම මහතා 39 වැනි ආසනයේ සිට ආණ්ඩු පක්ෂයේ 30 වැනි ආසනය දක්වා මාරු කර ඇත.
එමෙන්ම සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නැවත එම රාජ්‍ය අමාත්‍ය ධුරයටම පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ 36 වැනි ආසනය පනවා තිබේ. අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග 80 වැනි ආසනය දක්වා මාරු කර තිබුණේය.
මෙලෙස ආසන වෙනස් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙල අසුන් මෙන්ම පසුපෙල අසුන් වල සුලු වෙනස්කම් කිහිපයක් සිදු වන බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.