සීනි මෝදරින් ඇල්ලූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය දිවයිනට ගෙන ඒමේ චෝදනාවට අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරු ජනතා විමුක්ති පෙරමුණට මුදල් වියදම් කළ ජනතා විමුක්ති පෙරමුණට සමීප පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකද ඔහු පැවසුවේ සනත් වීරසිංහ නොහොත් පුවක් දණ්ඩාවේ සනා නැමැති මෙම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරිකයෙක් බවද හිටපු අමාත්‍යවරයා පැවැසීය.
“ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හම්බන්තොටට ආපුවාම දිවා හො රාත්‍රි ආහාරය දෙන්නේ මොහුයි.” යැයි ඔහු පැවැසීය.
මෙම පුද්ගලයා උණාකූරුවේ ශාන්ත නැමැති පාතාල සාමාජිකයාට මොහු සම්බන්ධ බවද හිටපු අමාත්‍යවරයා පැවැසීය.
මෙම සැකකරු මීට පෙරත් අත්අඩංගුවට ගෙන තිබුණ බවත් ජනතා විමුක්ති පෙරමුණේ දැඩි පීඩනය හමුවේ ඔහු මුදා හැරි බවත් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වු පීඩනය හමුවේ යළිත් වරක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
“කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්” යැයි හිටපු අමාත්‍යවරයා පැවැසීය.