වත්මන් අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පමය එකඟතාවකට පැමිණ තිබේ.
මෙම සාකච්ඡාව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේදී කොළඹ කොටුව ජනපති මන්දිරයේදි පවත්වා තිබේ.
එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ශ්වය නියෝජනය කරමින් විමල් විරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, නිමල් සිරිපාලද සිල්වා හා අනුර ප්රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජි.එල්. පිරිස්, රමේෂ් පතිරණ, බැසිල් රාජපක්ෂ, සංජිව එදිරිමාන්න, සාගර කාරියවසම් යන මහත්වරුන් එක්ව තිබේ.
එසේම ස්වාධීන කණ්ඩායම මිට පෙර ආණ්ඩුවට ඉදිරිපත් කළ කරුණ 11කින් සමන්වත වූ යෝජනාවලිය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.