මෙවර අපොස (උ.පෙළ) විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවෙකුට උදව් උපකාර කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා විභාගයට පෙනී සිටි සිසුවා පෙබරවාරි (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මූතූර් මහේස්ත්‍රාත් තස්නීම් මොහොමඩ් පවුසාන් මහත්මිය පෙරේදා (27දා) නියම කළාය.
මුතූර් පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාර පෞද්ගලික අයදුම්කරු ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරමින් තොරතුරු සංනිවේදන තාක්ෂණ විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර වට්ස් ඇප් ඔස්සේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවාට යවා පිළිතුරු ගෙන්වා ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකාකර පෞද්ගලික අයදුම්කරුට අමතරව මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටද විශ්වවිද්‍යාල සිසුවාගෙන් පිළිතුරු ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බවත් එම සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැසීය.
විභාග ශාලාව තුළ සිදු වූ මෙම සිදුවීම විභාග ශාලාධිපතිවරයා මුතූර් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ නවරත්නම් සයින්තන් මහතාට පැමිණිලි කර තිබුණි.
අනතුරුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයා සිද්ධියප පිළිබඳ මුතූර් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
(ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව)