රටේ ආර්ථිකය අර්බුධය තුළින් සිදුවූ බංකොලොත්භාවය තුළ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, අරගලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැහැදිලිව දක්වා ඇති බවත් ඊට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතන කේන්ද්‍රයේ මික් මුවර් මහතා ද මේ ඛෙදවාචකය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව ප්‍රකාශ කර ඇති බවත් එවක අගමැතිව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විදේශීය නාලිකාවකට එවැනිම අදහසක් ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසු මේ ආර්ථික බිඳවැටීමට මුල් වූ කණ්ඩායම් එකතු කර ගෙන තේරීම් කාරක සභාවක් ඇති කළ බවත් ඉන් විපක්ෂය ඉවත් වූ නමුත් එය තවමත් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
සමගි ජන බලවේගය හොරු අල්ලන්න කියා රට වටේ නොකියා විපක්ෂයේ සිට මේ ආර්ථික බිඳවැටීමට හේතු වූ වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ආ බවත් එහි තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ බවත් එය ඓතිහාසික තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
විනිසුන්රුවන් 4 දෙනකුගෙන් 3 දෙනකුම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් මෙන්ම මූල්‍ය මණ්ඩලය රටේ බංකොලොත්භාවයට හේතු වූ බවට ප්‍රකාශ කර ඇති බවත් මහජනතාවගේ විශ්වාසනීයත්වය කියන මුලධර්මය මෙම පුද්ගලයන් විසින් උල්ලංඝනය කර ඇති බවත් මොවුන් ආර්ථික ඝාතකයන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ අනාවරණය කිරීමට හේතු වූ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයට සහ නීතිඥවරුන්ට සිය ස්තූතිය පුද කර සිටින බව යි.
එසේම බංකොලොත් භාවය නිසා ජන ජීවිත විනාශ වූ කණ්ඩායම් ආදී සමස්ත සමාජයේ සෑම දෙනකුටම ආර්ථික විනාශය නිසා තමන්ට සිදුවූ අගතියට මෙම පුද්ගලයන්ගෙන් වන්දි ඉල්ලා සිටිය හැකි බවත් විපක්ෂයේ සිට අධිකරණය උපයෝගී කර ගෙන රටේ ආර්ථික ඝාතකයන් කවුද කියා ඔප්පු කර සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.