රට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝගවලට ශක්තිමත් ලෙස හදවතින්ම මුහුණ දීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලෙස විපක්ෂයේ සහ සාමාන්‍ය ජනතාවගේ උද්ඝොෂණ තමන් සලකන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා (02දා) ප්‍රකාශ කරන ලදි.
සති කිහිපක් තුල රටේ පවතින තත්වය යහපත් වන බවට තමන් විශ්වාස කරන බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් රට අද මුහුණ දී තිබෙන විවිධ අර්බුධ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආර්ථික අභියෝග රාශියක් අද ඔඩුදුවා ඒකරාශී වී පුපුරායාමක්වන බවද පැවසීය.
පසුගිය වකවානුවල පැවති නොයෙකුත් අභියෝගවලට මුහුණ දී ඒවා ජයග්‍රහණය කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වු අතර රටේ පවතින වත්මන් ආර්ථික අර්බුධය විසදීමට සැලසුම් සකස් කර ඇති බවද පැවසීය. මෙවැනි පසුබිමක ජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගනිමින් විපක්ෂ කණ්ඩායම් ජනතාව අතර වැරදි පුවත් නිර්මාණය කරමින් උද්ඝොෂණ ගෙන යන බවද එම උද්ඝෝෂණ දෙස බැලීමේදී ක්‍රීඩා පිටියේදී ක්‍රිඩකයන් අභියෝග වලට මුහුණ දෙන විට නරඹන්නන් විසින් එම අභියෝග වලට මුහුණ දෙන ක්‍රීඩකයන් දිරිගැන්වීම උදෙසා ඔවුන් වෙනුවෙන් ඔල්වරසන් දෙන ආකාරය දැකිය හැකි බවත් තමන් මෙම උද්ඝෝෂණ දකින්නේ එවැනි ආකාරයෙන් බවත් රජය අභියෝග වලට මුහුණ දෙන අවස්ථාවේ ඒවාට මුහුණ දිමට රජය දිරිගැන්වීම සදහා මෙම උද්ඝොෂණ හේතු වී ඇති බවත් එමගින් රජයට ශක්තියක් ලබා දෙන බවද පැවසීය. එනිසා ජනතාව මේ මොහොතේ ඉවසීමෙන් එළැඹෙන දින කිහිපය සාමකාමීව කටයුතු කල යුතු බවද එතුමා වැඩිදුරටත් පැවසීය.