විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට නිසි ආරක්ෂාවක් නෑ
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට නිසි ආරක්ෂවක් නොමැති වීම හමුවේ තමන්ට ඡන්දය ලබා දුන් මහජනතාව අතරට ගොස් රැස්වීමක් පවා පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කථා කිරිමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව දමිළ ප්රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක, කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
වි.රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා හැටන් නගරයේදි විෂේශ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වූ වි.රාධා ක්රීෂ්ණන් මහත කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආරක්ෂාව එක හා සමානව ලබා දිය යුතුව ඇතත්, රජය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට පමණක් දැඩි ආරක්ෂාවක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද මෙම ආරක්ෂාව ලබා දෙන ලෙස කොතෙක් ඉල්ලීම් කලද එයට රජයෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබෙන බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරිමට නොහැකි නම් මේ රටේ මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට නිදහසේ ගමන් කල හැකි වාතාවරණයක් ඇති කිරිමට රජය කඩිනමින් පියවර ගත යුතු බව වී රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශ විසින් පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරිමට ගෙන ඇති තීරණය හොද ක්‍රියාවක් බවත්, අග්‍රාමාත්‍යවරිය විසින් එම යෝජනාව ක්‍රියාවට නැංවීමට ගෙන යන වැඩපිලිවෙල පැසසිය යුතු බවයි රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.
එම යෝජනාව ක්‍රියාවට නැංවීමෙදි වතුකරයේ ළමුන් 50ට වඩා අඩු පාසල් ගණනාවක් තිබෙන බවත්, එම පාසල් වැසී යෑමේ අවධානමක් පවතින නිසා එම පාසල් පවත්වාගෙන ගොස් පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරිමේ වැඩසටහන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

