අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.
විපක්ෂ නායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කරමින් අද (10) පෙරවරුවේ මෙය දැනම්දී ඇත.
ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රාම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණ බවයි සඳහන් වෙයි.
මෙහිදී, විපතට පත් වූ පිරිස්වලට සෘජුවම සිය ගැටලු හා අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකථන මාර්ගය ඔස්සේ සහ WhatsApp ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා ඇත.
0759 570 570
0761 660 570
0705 699 110
යන අංකවලට අදාළ තොරතුරු ලබා දිය හැකි අතර, මෙම තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාළ අංශවලට යොමු කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය