රජය විසින් පොලී අනුපාත තීරණය කරන බවට විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය ගැන තමන් පුදුම වන බවත් විපක්ෂනායකවරයාගේ විෂයානුබද්ධ දැනුම අනුව එම ප්‍රකාශය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
"බැංකු පොලී අනුපාත තීරණය කිරීම රජය සතු වගකීමක් නෙමෙයි. විපක්ෂනායකතුමාගේ විෂයානුබද්ධ දැනුම අනුව තමයි එම ප්‍රකාශය කරලා තියෙන්නේ.
පොලිය දේශපාලඥයෙකට හදන්න පුළුවන් කියලා එතුමට කල්පනා වෙනවනම් මට පුදුම හිතෙනවා එතුමා සතු පුළුල් දැනුම් සම්භාරය ගැන.
රටක බැංකු පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව විසින්. ප්‍රතිපත්තිමය පොලී අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විටින් විට ප්‍රකාශයට පත්කරනවා. ඒ් සඳහා කිසිම දේශපාලඥයෙකුට මැදිහත් වෙන්න බෑ."