විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් පළ කිරීමේදී සීමාවකින් තොරව එය සිදුකරන බවත් ඒ හරහා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.
"විපක්ෂනායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එළවන්නේ බර වාහන ලයිසන් එකක් තියාගෙනද? බස් එළවන්න බරවාහල ලයිසන් එකක් තියෙන්න ඕන. බස් බෙදලා මේ මොකක්ද කරන්නේ.
මට අද විනාඩි පහලොවක් තිබුණත් මට ලැබුණේ විනාඩි 13යි. අප කීප දෙනෙකුට කාලය නැතිවෙනවා. විපක්ෂනායකතුමාට කාලය දීපුවාම එතුමා මේක කියවනගෙන කියවගෙන යනවා කාලය අරගෙන. උදේ දහය වෙනකම් කථා කරනවා.
සමහර වෙලාවට විපක්ෂනායකතුමා පැයක දෙකක් කථා කරනවා. මෙකෙන් අපේ වරප්‍රසාද නැති වෙනවා. මෙකෙ කියවන්න ගියාම අපේ කාලයෙන් අඩු වෙනවා. විපක්ෂනායකතුමා කථා කරන්න ගත්තාම මයික් ටයිසන් වගේ. මෙකක්ද මේ. කියවිල්ල ඉවරයක් නෑ"