විපක්ෂනායක දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් - පවිත්‍රා - සජිත් උණුසුම් වාදයක
- 21 10 2020
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මේ වන විට කොවිඩ් 19 ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපෘතියක් කරා ගමන් කර ඇති බවයි.
කොවිඩ් 19 වෛරසය තවමත් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තියක් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යාතනය තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේය.
එසේම යාල කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් බවට හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශවිසින් ඔහුට දැනුම් දීම් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවැසීය.
තමන්ට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
