අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමේ ඒක් පියවරක් ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස්සීමාව වැඩි කළ බවත්
සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා
පැවැසිය.
"අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් විනිසුරුවරුන්ගේ වයස් සිමාව වැඩි කිරීම ඒක් කරුණක් පමණයි.
ලංකාවේ අධිකරණවල ලක්ෂ 11ක නඩු ගොඩ ගැහිලා තිබෙනවා. අපි සියලුම විනිසුරන්ගේ වයස් සීමාව තමයි
වැඩි කරන්නේ. නඩුකාරතුමන්ලාගේ පරිණත භාවය වැඩි වෙන විට නඩු කාර්යක්ෂමව කටයුතු කරන්න පුළුවන්."