විනාඩි 30ක් ප්‍රමාද වූ ඇමතිට කොරියානුවාගෙන් දැඩි විවේචනයක්
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සාමාජිකයන් අතර පැවැති රැස්වීමකට විනාඩි 30ක ප්‍රමාදයකින් පැමිණීම සම්බන්ධයෙන් එම පදනමේ සභාපතිගේ දැඩි විවේචනයට ලක්විය.
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී ඊයේ පැවති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට දකුණු කොරියාවට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අරමුණ විය.
මෙහිදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරී පිරිස විනාඩි 30ක කාලයක් ප්‍රමාදය පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පදනමේ සභාපති චෝ සුංග් ලී සඳහන් කළේ පොරොන්දු ඉටු කිරීම හා වෙලාවට පැමිණීම අමාත්‍යවරුන්ගේ වගකීමක් බවයි.
"නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හොඳ සලකුණක් නොවේ. තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි.
මෙය දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබෙනවා.
රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කර ඇත්නම්, එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුය. එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම්, එවැනි පුද්ගලයින් හමුවීමෙන් ඵලක් නෑ.
ලංකාවේ බොරු කීම, පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා, ඒක එයාලගේ සංස්කෘතියේ කොටසක් වෙලා. රටක් විදියට පිටරටකයෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම්. විදේශිකයන් සමඟ සබඳතා ඇති කර ගැනීමට රටට හැකියාවක් නැති වේවි.
ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ.
ජනතාවට බොරු කියන්න එපා. ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුයි.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි" ලී වැඩිදුරටත් පැවසීය.
ඩේලි මිරර් ඇසුරෙනි




ඡායාරූප කිත්සිරිද මෙල්
popular news
-
Dayan Thursday, 22 December 2022 08:24 AM
That is why we are in this position. That's why system change is demanding. Present day politicians and government officials are ignorant. We have to send them off.
Reply : 0 0
මංගල Thursday, 22 December 2022 11:38 AM
ඔහොම හරි කවුරු හරි කියල දෙනව නම් හොඳයි මේ කට්ටියට. ලංකාවේ නිළධාරි ගැන නම් කියල වැඩක් නැහැ දේශපාලුවො ගැන කවර කතාද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

