වින්දිත ළමුන්ගේ වීඩියෝ ප්‍රචාරය කිරීම ළමුන්ගේ යහපතට බාධාවක්
අනාරක්ෂිත සහ වින්දිත ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔවුන්ගේ පුද්ගලිකත්වයට සහ ගරුත්වයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල ප්‍රචාරය කිරීම ළමුන්ගේ උපරිම යහපතට බාධාවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.
මෑත කාලයේ ඉහත ආකාරයේ සිදුවීම් කිහිපයක්ම සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වීම තුළින් ළමුන්ගේ අනන්‍යතාව සමාජයට හෙළිවීමෙන් හානිදායක ප්‍රතිඵල වලට මුහුණු පෑමට එකී ළමුන්ට සිදුව ඇති බව අධිකාරිය වෙත වැඩිදුරටත් වාර්තා වී ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ඇ) වගන්ති ප්‍රකාරව අපයෝජනයට ගොදුරු වූ ළමයෙකුගේ නම හෝ අනන්‍යතාවය එළිදරවු කරන පුද්ගලයකුට අවුරුදු 02 ක දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් දඩුවම් පැමිණවිය හැකිය. තවද දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය හා අශ්ලීල ඡායාරෑප සහ වීඩියෝපට ළඟ තබාගැනීම, බෙදාහැරීම, බෙදාහරින බවට තර්ජනය කිරීම සහ ළමයෙකු ඒ සඳහා පෙළඹවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
මෙසේ යම් ළමයකු අගතියට හෝ අපහසුතාවයට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නම් එ සඳහා ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරනු ලැබේ.
තවද, ළමයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ආචාර ධර්ම ප්‍රකාරව මාධ්‍ය භාවිතය සිදු කිරීම පුරවැසියන්ගේ යුතුකමක් බව ඔබට වැඩිදුරටත් අවධාරණය කරනු කැමැත්තෙමි.
එවැනි සිද්ධීන් පිළිබඳව ප්‍රචාරණය වන වීඩියෝපට හෝ අන්තර්ගතයන් තිබේ නම් 1929 ළමා උපකාරක දුරකථන අංකය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. සයිබර් අවකාශයේ මෙලෙස ප්‍රචාරය වන වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කරගැනීම සදහා පහත සබැඳිය හරහා පිවිසීමෙන් සහය ලබාගත හැක. www.childprotection.gov.lk වෙත පිවිස Report online Child Abuse හරහා හෝ https://report.iwf.org.uk/lk_en සබැඳිය මගින් සහාය ලබාගත හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

