උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන 24 දින බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 08 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ඩී සිල්වා මහතා නියෝග කළාය,
බණ්ඩාරවෙළ වලස්බැද්දේ පදිංචි මොහොමටි මනාස් නැමැති එක්දරු පියෙකු වන සැකකරු රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.
කොළඹ සිට එන උඩරට මැණිකේ දුම්රියේ එල්ලී ඇල්ලට ගමන් කරමින් සිටි තායිලන්ත තරුණ කාන්තාවකගේ හිසට සෙරෙප්පුවකින් පහරදුන් බව කියන මෙම සැකකාර පුද්ගලයා 23 දින උදේ අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සිට එන උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවකට බණ්ඩාරවෙළ ප්‍රදේශයේ මාර්ගය අයිනේ සිටි සැකකරු 21දින සවස 5.30ට පමණ සෙරෙප්පුවකින් පහර දෙන අයුරු දුම්රියේම ගිය පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පසු බණ්ඩාරවෙළ ප්‍රදේශයේදි සිදුවීමක් බව දැනගත් පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු පැය 24ක්යාමට පෙර අත් අඩංගුවට ගෙන තිබේ.